cotkandy@dtet.gov.lk

+94 812 224 063

අප ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාර්මික අධ්‍යාපන ආයතන අතරින් එකක් වන මහනුවර තාක්ෂණ විද්‍යාලය, 1959 දී ආරම්භ වූ අභිමානවත් ඉතිහාසයකින් සමන්විත ආයතනයක් වේ. නවසීලන්ත රජයේ සහයෝගයෙන් මෙය මහනුවර බහු තාක්ෂණික ආයතනය යන නාමයෙන් ආරම්භ විය. 1974 දී, අප ආයතනය මහනුවර නගරයෙන් කිලෝමීටර් 2ක පමණ දුරින් පිහිටි අරුප්පල ප්‍රදේශය වෙත රැගෙන ආ අතර, අද දක්වා කාර්මික අධ්‍යාපනයේ විශිෂ්ට මධ්‍යස්ථානයක් ලෙස අප ආයතනය සේවය සපයයි.

2009 දී, අප ආයතනය නිල වශයෙන් තාක්ෂණ විද්‍යාලයක් ලෙස උත්ශ්‍රේණි කළ අතර, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) යටතේ ක්‍රියාත්මක වේ. වර්තමානයේ, මෙය පාතදුම්බර, මාතලේ, නුවරඑළිය, හසලක හා දඹුල්ල කාර්මික  විද්‍යාලයන්ට ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස කටයුතු කරයි.

මෙම විද්‍යාලය අක්කර  13ක ට වැඩි භූමි ප්‍රමාණයක් තුළ පිහිටා ඇති අතර, විශාල ප්‍රධාන ගොඩනැගිල්ලක්, විද්‍යාගාර ,පරිගණක විද්‍යාගාර, වැඩහල් , පුර්ණ පහසුකම්සහිත  පුස්තකාලයක්, සම්මන්ත්‍රණ ශාලා සහ කාර්ය මණ්ඩල නේවාසිකාගාර ඇතුළු නවීන පහසුකම් වලින් සමන්විත වේ. මෙම පහසුකම් ශිෂ්‍යයන් සඳහා වඩා හොද අධ්‍යාපන පරිසරයක් ගොඩනගයි.

විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන පාඨමාලා 52කට ආසන්න සංඛ්‍යාවක් අප විද්‍යාලය තුල පවත්වනු ලබන අතර, වසරකට 2000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙහි අධ්‍යයනය කටයුතු වල නිරත වේ. පළපුරුදු සහ මනා දැනුමෙන් හෙබි ස්ථිර අධ්‍යයන  මණ්ඩලයකට අමතරව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගණකාධිකාරීවරුන්, ඉංජිනේරුවන් සහ අදාළ  ක්ෂේත්‍රවල විශේෂඥයන් ඇතුළත් බාහිර ආචාර්ය මණ්ඩලයක් මෙහි ඉගැන්වීම් කටයුතු වල නිරත වේ. තවද  ආයතනයේ දෛනික කටයුතු සිදු කිරීම සඳහා කැපවූ පළපුරුදු අනධ්‍යයන කාර්ය මණ්ඩලයද ආයතනයේ කටයුතු සඳහා මනා සේවාවක් ඉටුකරයි.

මහනුවර තාක්ෂණ විද්‍යාලය, ශක්තිමත් අධ්‍යාපන මූලාරම්භයක්, නවීන පහසුකම් සහ පළපුරුදු කාර්ය මණ්ඩලයක් සමඟ, ශ්‍රී ලංකාවේ කාර්මික  අධ්‍යාපනයේ ප්‍රමුඛ ආයතනයක් ලෙසින් පවතින අතර, රටට අවශ්‍ය පරිපුර්ණ කුසලතා වලින් යුත්  වෘත්තිකයින් බිහිකිරීම උදෙසා මහඟු දායකත්වයක් සපයයි.