සිසුන් ඇතුලත් කරගැනීමේ පිළිවෙල
- පාඨමාලා අධ්‍යයන වර්ෂය සෑම වසරකම ජනවාරි / ජුලි මාසයෙන් පටන්ගෙන දෙසැම්බර් මාසයෙන් අවසන් වේ.
- සෑම වසරකම ඔක්තෝබර්/ නොවැම්බර් මාසය තුල පල කරනු ලබන රජයේ ගැසට් පත්‍රය මගින් පාඨමාලා විස්තරය හා ඒවා පැවැත්වෙන කාර්මික විද්‍යාල ඇතුලත් තොරතුරු ප්‍රසිද්ධ කරනු ලැබේ.
- පාඨමාලා වලට අයදුම් කිරීම සම්බන්ධ වැඩි විස්තර www.dtet.gov.lk වෙබ් අඩවියෙහි පළකර ඇති අතර අයදුම්පත්‍රය එම වෙබ් අඩවිය හරහා හෝ mis.dtet.gov.lk මගින් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකිය. හැකි සෑම විටම අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
එසේ නොහැකි අවස්ථාවන් හිදි පහත පරිදි කටයුතු කරන්න.
ගැසට් පත්‍රයේ දක්වා ඇති “ආදර්ශ අයදුම්පත්‍රයට” අනුව A4 ප්‍රමාණයේ කඩදාසියක අදාළ අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කර මහනුවර තාක්ෂණ විද්‍යාලයේ අධ්යක්ෂ වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. නැතහොත් අප විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන අංශයට පැමිණ භාරදීමට අවස්ථාව ඇත.
NVQ 5/6 පාඨමාලා සඳහා අයදුම්පත් මාර්ගගතව පමණක් එවීමට කාරුණික වන්න.
- එක් එක් පාඨමාලා සඳහා වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතුය.
- අයදුම්කරුවන් තෝරාගනු ලබන්නේ අභියෝග්‍යතා පරීක්ෂණයක් සහ / හෝ සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මතය.
- පාඨමාලා සම්බන්ධ වැඩිදුර තොරතුරු මහනුවර වෘත්තීය මාර්ගෝපදේශන අංශයේ 081-2211810 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.
පාඨමාලා ගාස්තු :
පූර්ණ කාලීන පාඨමාලා සඳහා පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ. එහෙත් අර්ධකාලීන පාඨමාලා හදාරන්නන්ගෙන් පහත පරිදි ගාස්තු අයකරනු ලැබේ.
- එක් සමාසිකයකට ඩිප්ලෝමා පාඨමාලා සඳහා රු.25,000/- මුදලක් ගෙවිය යුතුය. (පදනම් පාඨමාලා සඳහා ගාස්තු අය නොකෙරේ.)
- පාඨමාලා කාලය වසරක් දක්වා වන පාඨමාලා සඳහා මුළු පාඨමාලා ගාස්තුව රු.30,000/-කි.
- හය මාසික පාඨමාලා සඳහා රු.20,000/= ක මුදලක් ගෙවිය යුතුය.
- පාඨමාලා කාලය මාස 6ට අඩු පාඨමාලා සඳහා මුළු පාඨමාලා ගාස්තුව රු.15,000/- කි.
ලියාපදිංචි ගාස්තු :
සියළුම පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වන සිසුන්ගෙන් පහත පරිදි ගාස්තු අය කරනු ලැබේ.
NVQ මට්ටම් 3 හා 4 පාඨමාලා සඳහා ලියාපදිංචි වීමේදී රු. 1500/= ක ලියාපදිංචි ගාස්තුවක් හා NVQ මට්ටම් 5 හා 6 පාඨමාලා හා භාෂා ක්ෂේත්රයේ පුර්ණ කාලීන පාඨමාලා සඳහා ලියාපදිංචි වීමේදී ලියාපදිංචි ගාස්තු රු. 2500/= ක ගාස්තුවක් අය කරනු ලැබේ.